
Sandeepani Pathirana
මම එදා ඒ ගත්ත තීරණය නිසා අද බොහෝ දේවල් ලැබිල තියෙනවා
Insurance industry එකට එන්න ඕන කියල මම හීනෙකින්වත් හිතපු කෙනෙක් නෙමෙයි. වසර 8ක් රජයේ හෙද නිළධාරිනියක් ලෙස කටයුතු කරපු මම පීඩාකාරී සේවා මුර ගණනාවක් පසු කළාට පස්සෙ තේරුම් ගත්තා ජීවිතය කියන්නෙ මේකට නෙමෙයි කියල. මට හෙද උපාධිය වගේම කොළඹ සරසවියේ උපදේශන මනෝවිද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමා එකකුත් තියනවා. නමුත් පවුලේ එකම දරුවා විදියට මට වගකීමක් තිබුණා මගෙ දෙමවුපියන්ව රැක බලාගන්න. ඉතින් හෙද සේවයේ සේවා මුර එක්ක මට ඒ දෙදෙනාව රැකබලාගැනීම අපහසු වුණා.මට හෙද සේවය නිසා ලැබුන දේවල් බොහොමයි..මම වෙලාවට වැඩ කරන්න පුරුදු වුනේ හෙද සේවය නිසා. ජීවිතයක වටිනකම තේරුම් ගත්තෙ හෙද සේවය නිසා. ඒත් මගෙ පවුලේ යහපත වෙනුවෙන් මම ඉවත් වෙන්න තීරණය කළා.
ඉතින් මම ඉලක්ක තුනක් වෙනුවෙන් මගෙ වසර 8ක රජයේ රැකියාව අතහැරියා.
1.Time freedom
2.Mental freedom
3.Financial freedom
මට සතුටින් මුදල් උපයන්න අවශ්‍ය වුනා. නිදහසේ මුදල් උපයන්න අවශ්‍ය වුනා.
ඉතින් මම එදා ඒ ගත්ත තීරණය නිසා අද බොහෝ දේවල් ලැබිල තියෙනවා. හෙදියක ලෙස මම මාසිකව ලබපු වැටුප, Sri Lanka Insurance එකට ඇවිත් මාස 8ක් වන විට ගොඩනගාගත්තා. හරිම නිදහසේ වැඩ කරන ගමන් තමයි මම ඒ වැටුප ලබන්නෙ. දැන් මගෙ දෙමව්පියො වෙනුවෙන් යොදවන්න මට කාලය ඉතිරි වෙලා තියෙනවා. ඒ වගේම මගෙ උපදේශන මනෝවිද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියට අදාලව මම උගත් දේ ඇසුරින් පොත් ලිවීම වගේම පුහුණුවීම් කටයුතු වල නියැලෙන්නටත් මට දැන් කාලය තියෙනවා.
ඉතින් Sri Lanka Insurance මහබාගේ ශාඛාව කියල කියන්නෙ ජීවිතය දිනන්න තමන්ගෙ හීන වෙනුවෙන් වැඩ කරන්න කැමති අයට අත්වැලක් ලැබෙන තැනක්.
-Sandeepani Pathirana-
